Skip to main content

Isle of Ceylon. - 1722

Use the mouse scroll wheel to zoom in the map below or click the + sign

Comments

Popular posts from this blog

ආදරණීය පුත්‍රයා (a crime story)

බ්‍රිතාන්‍ය ලේඛක‘Simon Brett’ගේ ‘How's Your Mother’ කෙටි කතාවේ සිංහල පරිවර්තනය ආදරණීය පුත්‍රයා "හරි හරි අම්මේ...මේ ලියුමක් ඇවිල්ලා " හම්ෆ්‍රී පාර්ටිජ් පඩිපෙළ පාමුල සිට කෑගැසුවේ තැපැල් කරුට දොර විවර කරන අතරතුරය. "පාර්ටිජ් මහත්මයා ඔබට පාර්සලයක් තියනවා" ලියුම් බදහරින්නෙකු වූ රෙජ් කාටර් දොර මත සිය අත තබමින් පැවසුවේය. “උද්‍යාන මධ්‍යස්ථානයෙන් කියලා ගහලා තියෙන්නේ,මම හිතන්නේ රෝස මල් ඇට වෙන්න ඇති.” "ඔව්" පාර්ට්‍රිජ් පැවසුවේ දොර වසන ගමන්ය. "රෝස මල් හදන්න දැන් කාලෙත් හරි නේද ?,මේ නොවම්බර් මාසෙනේ ?" "ඔව්" "ඔයාගේ අම්මට දැන් කොහොමද?" රෙජ් පැවසුයේ පිටව යාමට හදිස්සියක් නොපෙන්වමිනි. "ඒ හැටි අමාරුවක් නෑ" පාට්‍රිජ් පැවසීය. "එයාට නම් කවදාවත් ලියුම් එන්නේ නෑ නේද?" "ඔව් එයාට ටිකක් වයසයිනේ,ඔයා උනත් ඒ වයසට යද්දී ඔයාගේ යාලුවොත් හුග දෙනෙක් මැරිලා ඉදිවී " "දැන් එයාට වයස කීයද?" "ගිය ජූලි මාසෙට අසූ හයයි " "එහෙමද ,එයා වැඩිය එළියට එන්නේ නෑ නේද?" "නෑ,එයාට ඇවිදින්න

එමලිගේ අතුරුදහන් වීම(a crime story)

එමලිගේ අතුරුදහන් වීම මම මගේ දෙවන බිරිද වන එමලි සමග විවාහ වීමෙන් අනතුරුව,කැලිෆෝනියාවේ පිහිටා ඇති ඇගේ නිවසේ පදිංචියට ගියෙමි.එය කුඩා නගරයකට ආසන්නව පිහිටි විශාල ඉඩමකින් යුක්ත විශාල නිවසක් විය.ඊට එහා ඉඩමේ පිහිටි නිවසද මෙයට සමාන විය.එය අයිතිව තිබුණේ එමලිගේ සොහොයුරිය වූ  මිලිසන්ට් ට ය. මිලිසන්ට් හා එමලි සොයුරියන් වූවද ,පෙනුමෙන් හා හැසිරීමෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූහ.මිලිසන්ට් උස කෙට්ටු අයෙකි.ඇයට තරමක් දැඩි ගතිගුණ ඇත.ඇය තමා අවට සිටි අය පාලනය කිරීමට උත්සහ කරන ස්වභාවයේ අයෙකු වූ අතර එමලිද ඇගේ බලපෑමට යටත් විය.මගේ ආගමනයත් සමග එමලි ඇගේ බලපෑමෙන් තරමක් දුරස් වීම පිලිබදව නම් ඇගේ හිතේ යම් නොසතුටක් විය. එමලි තරමක් කොට සහ , ඇත්තෙන්ම කියනවනම් මහත අයෙකි. නමුත් ඇය පවසන ආකාරයට නම්  ඇගේ අමතර බර කිලෝ එකොළහක් හෝ දොළහක් පමණි.ඇය එතරම්ම නුවණක්කාර නැත.එසේම ඇය සාමාන්යෙන් අන් අයට අවශ්‍ය දේ කරයි, නමුත් සැම විටම එසේ නොවිය. දැනට සති තුනක සිට එමලි නිවසේ නොසිටියාය,නමුත් මිලිසන්ට් මා ගැන අවධානයෙන් පසුවන බව මට දැනිණි.සුළු මොහොතකට පෙරද ඇය මා සමග අපගේ විසිත්ත කාමරයේ කෝපි පානය කරමින් සිටියාය. එවිට